EE qualification

මොකක්ද මේ EE විසා සුදුසුකම් ?

කැනඩා PR නැත්නම් ස්ථිර පදිංචිය හරහා පුරවැසිබාවය ලබාගැනීමට පහසුම ක්‍රමය EE විසා නැතිනම් Express Entry වීසා. මෙහිදී ඔයාලා කරන්න ඕන මුලිකම දේ තමා EE profile එකක් හදාගන්න එක. මේ ගැන ඔක්කොම විස්තර ඔයාට මෙතනින් බලාගන්න පුළුවන්. ඉතින් මන් EE වීසා වීඩියෝ මාලාවේ කියලා දුන්න විදියට EE profile එකක් හදන්න ඔයාලා ගාව English (IELTS) සුදුසුකම වගේම ECA report එක තියෙන්න ඕන. මේක ලොකු වියදමක් යන වැඩක්. සාමාන්යෙන් රුපියල් 70 000 කට අධික මුදලක් මේ වෙනුවෙන් වැය වෙනවා. දැන් ඔයාලට EE profile එක හදන්න කලින් ඔයාලගේ සුදුසුකම බලන්න ක්‍රමයක් Ceylon Life විසින් සලසලා දීලා තියනවා. මේ සේවාව ඔයාලට සලසා දෙන්න දැන් Ceylon Life සුදානම්. 
  • මෙහිදී Ceylon Life හි කාර්ය වන්නේ ඔබගේ තොරතුරු පරික්ෂා කර කර අයදුම් කරුවන්ගේ සුදුසුකම් වල ඇගයීම් වාර්තාවක් ලබාගෙන අයදුම් කරුට ලබාදීමයි. 
  • අයදුම් කරු අවශ්‍ය සුදුසුකම් සපුරා නැතිනම් ඇගයීම් වාර්තාව පරීක්ෂා කොට ඊට අදාල උපදෙස් Ceylon Life වෙතින් අදාල අයදුම් කරුට ලැබේ.
  • ඇගයීම් වාර්තාවෙන් සමත් අපේක්ෂකයන්ට ඊලග පියවර වෙන්නේ EE profile එකක් සාදා ගැනීමයි. ඊට අවශ්‍ය උපදෙස් Ceylon Life හරහා පසුව ලබාගැනීමේ හැකියාව ඇත.
  • වැදගත්: මෙහිදී අප ඔබ වෙනුවෙන් විසා අයදුම් කිරීමක් සිදු වන්නේ නැත. ඔබට ඔබගේ විසා අයදුම් පත තනිවම පුරවා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙනවා පමණි. මෙමගින් ඔබට ඒජන්සි වෙන ගෙවීමට සිදුවන රුපියල් ලක්ෂ 10ක් පමණ වන සේවා ගාස්තු ඉතුරු කරගැනීමේ අවස්ථාව හිමි වේ.

බැංකුව හරහා මුදල් ගෙවන ආකාරය 

Credit හෝ debit කාඩ් මගින් මුදල් ගෙවන ආකාරය.