මම කව්ද?

About me

ඉතින් හැමෝම බලනවා ඇතිනේ මම කව්ද? මොනවද මේ කරන්නේ කියල. මම දෙනුවන්. දැනට ජිවත් වෙන්නේ ඇමරිකාවේ කෙනටිකට් කියන ප්‍රාන්තයේ. මම මොකද කරන්නේ මම මගේ PhD එකේ එහෙම නැත්නම් ආචාර්ය උපාදිය සඳහා ඉගෙනගන්නවා. 

Physics එහෙමත් නැතිනම් භෞතික විද්‍යාව තමා මගේ විෂය. Ceylon Life කියන්නේ මගේ hobby එහෙමත් නැතිනම් මගේ විනෝදාංශය. ඔයාල මේක කියවනවා නම් 90% ක්ම වෙලාවට ඔයා එන්න ඇත්තේ මගේ චැනල් එක බලල. චැනල් එකේ මම ගැන ගොඩක් කියල නැති නිසා හිතුවා blog එකේ පොඩි විස්තරයක් දාන්න. 

මම පොඩි කාලේ හැදුනේ වැඩුනේ මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොල නගරයේ ඇත්ගාල කියන ප්‍රදේශයේ. ඇත්ගාලේ ඉස්සර නම් අලි ඉන්න ඇති දැන් නං නැ.  ගම්පොල ජිනරාජ විද්‍යාලයෙන් තමා මන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගත්තේ. ඊට පස්සේ ඉතින් ශිෂ්‍යත්වේ නම් යන්තම් ඉස්කෝලේ වැඩිම ලකුණු අරන් පාස් වෙලා ගියා කිංග්ස්වුඩ් එකට. O /L අව්ලක් උනේ නැ. ශේප් එකේ ගොඩ දාගත්තා. A / L පලවෙනි පාර අව්ල්. දෙවෙනි පාර කරලා ඔන්න ඉතින් ලංකවේ හොදම කැම්පස් එකට යන්න තේරුණා. පේරාදෙණිය science faculty එකට. A / L කරන කාලේ තිබ්බ උණක් තමා විද්‍යාඥයෙක් වෙන්න. දැන් නම් ඒ උන හොදයි. කොහොම හරි ඉතින් පෙරා සයන්ස් ෆැකල්ටි එක තමා ජිවිතේ වෙනස් කරපු එක තැනක්. 

කැම්පස් කීවාම රැග් ප්‍රශ්න එනවනේ ඔලුවට. ඔන්න මන් රැග් වෙලා නම් නැ. අල ඉතින්. අල වෙලා ආතල් ගන්න බෑ කියනවා නම් ඒ කියන එකා අල වෙලා නැ. රැග් එක මට නම් ඒ කලෙත් ගොන් පාර්ට් එකක්. දැනුත් එහෙමයි. මන් නම් ඉතින් සුපිරියට අල වෙලා වාත (රැග්) කෙල්ලෙකුත් දාගෙන ෆුල් ෆන් එකේ කැම්පස් එකේ හිටියා.

අතුරු කතාව තමා කැම්පස් පටන් ගන්න කල් මන් ටියුෂන් කරන්න පටන් ගත්තා. O / L ගණිතය. ඕක ඉතින් දිගටම කරගෙන ගියා. ඔය කාලෙම තමා ඉතින් ඇමරිකන් උන හැදුනේ. පෙරා සයන්ස් එකේ අවරුද්දකට 100ක් විතර ඉතින් ඇමරිකා යනවා ඒ කාලේ Phd එක කරන්න. ඕවා දැකලා මටත් ඒ උන හදුනා. හැබැයි ඉතින් special ඩිග්රි එකක් තිබ්බොත් තමා ඇමරිකා යන්න පුළුවන් වගේ කතාවක් තමා සමාජයේ තියෙන්නේ. ස්පෙෂල් කියන්නේ වසර 4 ක උපාධියක්. සාමාන්යෙන් පෙරා සයන්ස් එකේ දෙන්නේ වසර තුනක සාමාන්‍ය උපාධියක්. GPA එක (කැම්පස් එකේ ලකුණු දෙන සිස්ටම් එක) බලලා හොද ළමයි 15/16 වගේ තෝරලා දෙවෙනි අව්රුද්දෙ ස්පෙෂල් තෝරනවා. ඔය කාලේ පට්ට තරගේ ඉතින්. අනික ස්පෙෂල් තොරණ විදිය ඉතින් පට්ට සාධාරණව වෙනවා කියලා හිතන්න එපා. කැම්පස් එකේ සර් ලගේ ළමයි, සර් ලා එක්ක සම්බන්ධකම් තියන ලොකු ලොක්කන්ගේ ළමයි, එහෙම උඩින් ස්පෙෂල් ආපු කතා ඕනෑම බැච් එක්ක තියනවා. ඒවා එහෙම තමා. මොකද ඉතින් ස්පෙෂල් එකක් කියන්නේ ඇමරිකන් විසා එකක් ඒ කාලේ. ස්පෙෂල් එකක් තියනවා නම් ඉතින් ලස්සන කෙල්ලෙක් දාගන්න එකත් ඒ තරම් අමාරු නැ. 

කොහොමහරි ටියුෂන් කර කර ඉදලා ස්පෙෂල් එක නුලෙන් ගහලා ගියා. එත් ඉතින් උන හොද උන් නෑ. ඊට පස්සේ හොයල බැලුවම තේරුනේ මේ ස්පෙෂල් එක කියලා එහෙම ලොකු සින් එකක් නැ. ඇමරිකාවේ ඔක්කොලාටම දෙන්නේ අවරුදු 4 ඩිග්රි. ඉතින් එයාලා Phd වලට කට්ටිය ගද්දි ඒකයි අවුරුදු හතරක උපාධියක් බලන්නේ. ඉතින් 3ක් තියන අයට පුළුවන් M.Sc එකක් කරලා 4 හදල PhD වලට යන්න.

ඉතින් 2015 මාත් කරන්න ගත්තා M.Sc එකක්. එත් එක්කම 2016 ජනවාරි තමා මට හිතෙන විදියට මගේ ජිවිතේ අනික් turning point එක උනේ. ඔය කාලේ මම උසස්පෙළ භෞතික විද්‍යාව ටියුෂන් කරන ගමන් ම M.Sc එක කර කර හිටියේ. ලංකාවේ ස්පෙෂල් එකක් කරන එකේ තව වාසියක් තමා ස්පෙෂල් එකෙන් පස්සේ අව්රුද්දක් හෝ දෙකක් කැම්පස් එකේ වැඩ කරන්න හම්බෙන එක. අපි ලංකාවේ නම් කියන්නේ ඩෙමෝ කියලා. හරි නම Demonstrator. ඇමරිකාවේ ඔකටම කියනවා teaching assistant කියල. ඉතින් ඕකත් බලපානවා PhD එකකට ස්කොල් එකක් සෙට් කරගන්න. මට ස්පෙෂල් නැනේ. එත් අතෑරියේ නැ වැඩේ දැම්මා ඩෙමෝ application දෙකක් subject දෙකමටම(මම කැම්පස් එකේ කලේ physics & computer science). එදා මට මතක විදියට 2016 ජනවාරි 5 හෝ 6. class එකක් කර කර හිටියේ ගම්පොල ගෙදරක. මෙන්න එනවා කෝල් එකක්. දන්නැති නම්බර් එකක්. ඔන්න ඔහේ ඕන එකක් කියලා answer කළා ක්ලාස් එක මැද්දෙම. අම්මට උඩු ප්‍රොෆෙසර් සාලුක. Computer Science Department එකේ හෙඩ්. මගෙන් ඇහුවා ජොබ් එකක් කරනවද කියලා. ඔය වෙනකොට කැම්පස් අව්ට් වෙලා අව්රුද්දක් වගේ. මන් කිවා නැ කියල. “හෙට ඇවිත් මාව හම්බෙනවා” කිව. ඔන්න හරි. මට තේරුණා තව dream එකක් හරියන්න යන්නේ කියලා. හිතුවා වගේම මට පහුවදා ඉදල ජොබ් එක හම්බුනා කැම්පස් එකේ. ඔයිට කලින්  මාත් මොනවද කරන්නේ කියල හරි අවබෝධයක් නැතුව හිටියේ. ලොකු ලොකු ජොබ් වලටත් apply කර කර හිටියේ. ඉතින් එදා මම හිතාගත්තා පාර හැදිලා තියෙන්නේ PhD එකක් කරන්නම තමා කියලා. 

ඔහොම ඉදල 2017 මම apply කරන්න ගත්තා PhD වලට. ඇමරිකාවේ වගේම අනික් රටවලත් බැලුවා. ඉතින් 2018 මට ඇමරිකාවේ M.Sc දෙකකට ස්කොල් හම්බුනා. චැනල් එකේ දිගටම හිටපු අය නම් දන්නවා මම තෝරාගත්තේ Miami University එක. එකට හේතුව එකේ මට ගෙවන ගාන මාව තේරුන අනික් uni එකට වඩා වැඩි. එකෙන් පස්සේ ඉතින් මට PhD එකට තව ස්කොල් තුනක් හම්බුනා. ඔන්න ඔහොම තමා මන් දැන් ඉන්න Wesleyan uni එකට ආවේ PhD එකට.

මගේ family එක ගැනත් ටිකක් කියන්නම්. අම්මා තාත්තා නංගි, එයාල දැනට ඉන්නේ ලංකාවේ. මගේවිනෝදාංශ ගොඩක් තියනවා .පොඩිකාලේ නම් මුද්දර එකතු කළා, බයිසිකල් පැද්ද, යාලුවෝ එක්ක රස්තියාදු ගැහුවා සෙල්ලම් කරා. දැන් නම් ගොඩක් ඉන්නේ social media එක්ක. Travel කරන්න පුළුවන් හැම වෙලාවේම එකට පැනල යන්නේ. එත් එක්කම ෆිල්ම්ස්, TV shows බලන්නත් අසයි. Entrepreneurship එහෙම නැත්නම් ව්‍යවසායකත්වය ගැන ඉගෙන ගන්න එකත් මෑතකදී මගේ විනෝදාංශ වලට එකතු උන තවත් අන්ගයක්.