ඇමරිකාවේ ධන කුවේරයන්ගේ කෙලි මඩල LAS VEGAS | Ceylon Life

Published by ceylonlife on

Ceylon_Life_las_vegas

ඇමරිකාවේ ධන කුවේරයන්ගේ කෙලි මඩල LAS VEGAS | Ceylon Life

ceylon life las vegasGrand Canyon බලල ඊළගට අපි ආවේ ලෝක ප්‍රසිද්ධ ලාස් වෙගාස් නගරයට. මන් හිතන්නේ ජිවිතේ එක පාරක් විතරක් විදින්න පුළුවන් අත්දැකීමක් ගන්න මට ලාස් වෙගාස් වලදී පුළුවන් වුනා. ඒ තමා 31 night ලාස් වෙගාස් ව

ලදී සමරන්න.  Las Vegas කියන්නේ  කොහොමත් හැපනින් නගරයක් කියලා අපි දන්නවනේ. ලෝකයේ ඉන්න ධන කුවේරයෝ ඔක්කොම විනෝද වෙන්න සුදු කෙලින්න එන්නේ මෙන්න මේ නගරයට. ඒ වගේම තමයි මේ නගරයට කියන තවත් අන්වර්ථ නාමයක් තමා සින් සිටි, එහෙම නැත්නම් පව්කාර නගරය. එකට හේතුව ඔයාලට හිතාගන්න පුළුවන් ඇති කියල මම හිතනවා. ඒ කොහොම උනත් ජිවිතේ එක පාරක් හරි එන්න ඕන නගරයක් තමා මේක.

ඒ වගේම තවත් කියන්න ඕන දෙයක් තමා මෙහෙ ජිවන වියදම ගොඩක් වැඩි. ඉතින් ඔයාලා යන්තම් විනෝද වෙන්න බලන් එනවනම් එත් එක රැයකට අඩුම තරමේ ඩොලර් 1000ක් විතර වියදම් කරන්න බලන් එන්න ඕන. නැත්නම් ඉතින් පාරේ නිකන් ඇවිදලා ආයම යනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න වෙන්නේ නැහැ. ceylon_llifeමේක මම ඇමරිකාව වටේ ගියපු රෝඩ් ට්‍රිප් එකේ 8 වෙනි කොටස. එහෙනම් දැන් අපි වීඩියෝ එක enjoy කරමු.

කලින් වීඩියෝ බලපු නැති අයට ඒ ටික පිලිවෙලින් පහල දැන්නම්. මගේ ට්‍රැවල් live track කරන්න Ceylon Life  polarsteps follow කරන්නත් අමතක කරන්න එපා.