Largest Dam in the US | Hoover Dam | USA Travel Vlogs S01E09

Published by ceylonlife on

මගේ ඇමරිකාව වටේ ගියපු සංචාරයේ 8 වෙනි කොටස ගැන තමා අපි අද කතා කරන්න යන්නේ. අපි Grand Canyon එහෙම බලල Grand Canyon වලම තියන Best Western Premier Grand Canyon Squire Inn කියන තරු තුනේ හෝටලයේ රාත්‍රිය ගත කරන්න තීරණය කළා.

උදේ නැගිටලා බලද්දී අපි හිතුවේ වත් නැති විදියට මුළු පළාතම හිමෙන් වැහිලා වාහනේ drive කරන්නවත් බැරි තත්වයක් තමා තිබ්බේ. 

හැබැයි මේ පහලින් ඔයාලට පේන විදියට ගොඩක් ලස්සන දර්ශනයක් තමා අපිට ජනේලයෙන් පිටත නම් බලාගන්න හම්බුනේ. 

හැබැයි ඉතින් පොඩ්ඩක් පහල බලනකොට තමා තේරුනේ යන්න නම් වෙන්නේ නැහැ කියල. හැම තැනම හිමෙන් වැහිලා තිබුන විදියට අපිට තේරුණා මේ කාලගුණ තත්වය යටතේ කාර් එක එලවනවා කියන්නේ ගොඩක් අනතුරු දායක වැඩක් කියල. අපි හෝටලය book කලෙත් එක දවසකට ඒ වගේම එදා අපි plan කරලා තිබ්බේ හවස් වෙද්දී ලාස් වේගාස් වලට පැනගන්න. මොකද අපිට ඕන කරලා තිබ්බා 31 night ලාස් වේගාස් වල ගත කරන්න. 

තවත් අව්ලක් තමා මේ හොටෙල් එකේ කාමරයක් ඩොලර් 205 විතර එක දවසකට. ඉතින් අපේ බජට් එකේ හැටියට එක ලොකු ගානක් තව දවසක් මෙතන ඉන්නවා කියන්නේ කරන්න අමාරු වැඩක් නෙවෙයි, කරන්න බැරි වැඩක්. 

ඉතින් අපි තීරණය කළා ටික වෙලාවක් බලන්න. ඉතින් ටික වෙලාවක් යද්දී පාරවල් සුද්ද කරන්න ගත්තා හෝටල් කාර්ය මණ්ඩලය විසින්. ඉතින් අපිට පුළුවන් උනා හෙමිට හෙමිට grand canyon වලින් පිටත් වෙන්න.

ගමනේ මුල්ම ටික ඉතින් ටිකක් කට්ට. හිම කාගෙන හරි පරිස්සමින් drive කරන්න උනා. හබැයි පැය බාගයකට විතර පස්සේ හරි පුදුම විදියට කාලගුණය වෙනස් වුනා. හිම එන්න එන්නම අඩු වෙලා පාර ගොඩක් පැහැදිලි වෙන්න ගත්තා. ඉතින් එතන ඉදල නම් ගමන ගොඩක් අමාරු උනේ නැහැ.  

ඉතින් මේ දවසේ ඒ කියන්නේ 2018 දෙසැම්බර් 31 වෙනිදා අපිට දැකගන්න ලැබුණු තවත් එක ලස්සන තැනක් තමා හුවර් ජලාශය. මේක නිර්මාණය කරලා තියෙන්නේ 1931 – 1936 කාලයේ ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රදේශයේ මුලික විදුලි හා ජල අවශ්‍යතාවයන්ට පිලියමක් ලෙස. කොලරාඩෝ ගංගාව තමා මෙහි ප්‍රධාන ජල මුලාශ්‍රය.

මේ අවට ලස්සන දර්ශන කීපයක් පහල වීඩියෝ එකෙනුත් ඔයාලට බලන්න  පුළුවන්.එහෙනම් ඉතින් ලාස් වෙගාස් වලදී හම්බෙමු. 


0 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *